April 28, 2024

සන්ධාන පක්ෂ නායක රැස්වීමට විමල් වීරවංශ නෑ 

ඊයේ පස්වරුවේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මධ්‍යම කාරක සභා රැස්වීමට ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සහභාගී වී නොමැති බව වාර්තාවේ.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (14) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සන්ධානයේ මධ්‍යම කාරක සභාව රැස්වීය.

එම මධ්‍යම කාරක සභා රැස්වීමට සන්ධානයේ හවුල්කාර පක්ෂවල සියලු නායකයින් පැමිණ ඇත.

නමුත් මීට පෙර සන්ධානයේ හවුල්කාර පක්ෂයක් ලෙස කටයුතු කළ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් එම පක්ෂයේ නායක විමල් වීරවංශ මහතා සහභාගී නොමැත.

කෙසේ වෙතත් හිරු රූපවාහිනී නාලිකාව ඔස්සේ පසුගිය පෙබරවාරි 24 වැනි දා රාත්‍රී විකාශය වූ ‘රට සහ හෙට‘ සම්මුඛ සාකච්ඡාවට සහභාගී වෙමින් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ ක‍ළේ විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂයක් නොවන බවත්, ඔවුන් කරන්නේ ඡන්දයක් ආවාම අපෙන් ටිකට් එක ඉල්ලගෙන තරඟ කරන එක බවත්ය.

 

Rate this item
(0 votes)