April 27, 2024

මහින්ද යළි බලයට ගේන්න ගාල්ලේ ඊයේ රාත්‍රියේ හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි දේශපාලනයට ගෙන ඒමේ සහ ඉදිරි මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා විය යුතු බවට වූ අරමුණින් ගාල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරුන්ගේ සංසදය ඊයේ විශේෂ හමුවක් පවත්වා තිබේ.

බටදූව ප‍්‍රදේශයේ හෝටලයක ඊයේ රාත‍්‍රියේ පැවති එම හමුවට ගාල්ල දිස්ත‍්‍රික්කයේ නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සිව්දෙනෙක් මෙන්ම පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජනය කරන මන්ත‍්‍රිවරුන් 40ක් පමණ සහභාගි වී ඇත.

රමේෂ් පතිරණ, මනූෂ නානායක්කාර, මොහාන් පී. ද සිල්වා සහ නිශාන්ත මුතුහෙට්ටිගම යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් එම අවස්ථාවට එක්වී ඇත.

මෙම හමුවේදී ඉදිරි මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ ලෙස නම් කිරීමට පක්ෂය තීරණය නොකළ හොත් මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයට පිවිසෙන ඹ්නෑම ලකුණක් යටතේ ගාල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරුන්ගේ සංසදය එක් වීමටත් එහිදී තීරණය කළ බවයි මේ පිළිබඳව ඒෂියන් මිරර් කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පැවසූවේ.

මේ අතර එළඹෙන 27 වැනිදා ගාල්ල නගර ශාලා පරිශ්‍රයේදී’ මහින්ද අගමැති විය යුත්තේ ඇයි?’ යන මාතෘකාව යටතේ දේශනයක් පැවැත්වීමටත් සැළසුම් කර තිබේ.

Rate this item
(0 votes)