April 28, 2024

‘සන්ධානයේ’සභාපතිත් ජනපති මෛත්‍රී

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කර තිබේ.

ඊයේ පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී එම පත් කිරිම සිදුව තිබේ.

එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මීට පෙර ජාතික සංවිධායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කළ අතර ඊයේ පැවැති රැස්වීමෙන් අනතුරුව එහි නව ජාතික සංවිධායකවරයා ලෙස හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පත් කර ඇත.

මීට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ලෙස මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා තව දුරටත් එම ධූරයේ කටයුතු කරනු ඇති.

සන්ධානයේ භාණ්ඩාගාරික ධුරය මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා විසින් තව දුරට ත් හොබවන බවත් සඳහන්.

Rate this item
(0 votes)