May 02, 2024

ජනපති හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි

විශේෂ කැබිනට් රැස්වීමක් අද (15) පස්වරුවේ පැවැත්වීමට නියමිත බව වාර්තාවේ. 

19 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙම කැබිනට් රැස්වීමේදී සාකච්ඡාවට ගැනීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. 

ඊට අමතරව නව මැතිවරණ ක‍්‍රමය සහ අපේ‍්‍රල් 23 වැනිදායින් පසු මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවට ආණ්ඩුවේ පාර්ශ්වවලින් ඉදිරිපත් වී ඇති ඉල්ලීම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව එම ආරංචි මාර්ග පැවසී ය.

පසුගිය 12 වැනි දා පැවැති කැබිනට් රැස්වීමේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා 19 වැනි සංශෝධනය කඩිනමින් සම්මත කර ගත යුතු බව දිගින් දිගටම අවධාරණය කර ඇති බවත් එහෙත් රාජිත සේනාරත්න සහ චම්පික රණවක යන ඇමැතිවරුන් එය තවදුරටත් විවාද කළ යුතු බවට දිගින් දිගටම මෙහිදී පෙනී සිට ඇති බවත් වාර්තා වේ. 

 

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 15 March 2015 22:07