May 02, 2024

ලංකා සංචාරය නිමකළ මෝදි ඉන්දියාවට

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය දෙදින ශී‍්‍ර ලංකා නිල සංචාරය අවසන් කරමින් ඊයේ (15) රාති‍්‍රයේ දිවයිනෙන් පිටත්ව ගියේය.

ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා රැගත් ගුවන් යානය ඊයේ රාති‍්‍ර 9.40ට පමණ ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත.

ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාට සමුදීම සඳහා වරාය හා නාවුක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා හා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බව ඒෂියන් මිරර් වාර්තාකරු පවසයි.

කටුනායක - ටී.කේ.ජී. කපිල

 

Rate this item
(0 votes)