May 02, 2024

කොළඹ නිවාස ගැටලුව දින 60න් විසදීමට විශේෂ කමිටුවක් 

කොළඹ නාගරික නිවාස ගැටලුව විසඳීම සඳහා කැබිනට් අනුමැතියෙන් රජයේ අමාත්‍යාංශ හා ආයතන කිහිපයකින් සැදුම්ලත් විශේෂ කමිටුවක් පත්කර එමගින් දින 60ක් ඇතුළත මෙම ගැටලුවලට විසඳුම් ලබාදීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

කොළඹ කොම්පඤ්ඤ වීදිය, මැලේ වීදිය හා ජාවා පෙදෙස නිවාසලාභීන්ගේ ගැටලු පිළිබඳ වත්මන් රජයේ සුවිශේෂ අවධානය යොමු කර ඇති බවත් අමාත්‍යවරයා පවසා සිටියේ, බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි එම අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයේ පැවති රැස්වීමක දීය.

තක්සේරු දෙපාර්තමේන්තුව හා එක්ව එම ඉඩම් සඳහා නිවැරදි තක්සේරුවකින් අනතුරුව ජනතාවට වන්දි ලබාදීමට කටයුතු කරනවා. 

විශේෂයෙන් ඉන්දියාවේ ටාටා සමාගම සමග කි‍්‍රයාත්මක මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයෑමේදී ඇති වී ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට අමාත්‍යාංශ මට්ටමින් කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කර ඇත.

එම තීන්දුව මත කොළඹ නාගරික ගැටලුව විසඳීම සඳහාත් පොදු ජනතාවගේ පැමිණිලි පිළිබඳව සලකා බැලීම සඳහාත් විශේෂ කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර ඇති අතර ඒ සඳහා නගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශයේ නියෝජිතයන් 03 දෙනෙකු ද, නිවාස අමාත්‍යාංශයේ නියෝජිතයෙක්, කොළඹ මහ නගර සභාවේ නියෝජිතයෙක්, නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙක් ඇතුළත්ව මෙම විශේෂ කමිටුව පත් තිබේ.

“අගතියට පත් නිවාස අහිමි වූවන් ගැටලු ඇති පිරිස් මෙම කමිටුවට තම ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. එවිට කමිටුවට හැකිවෙනවා මේ පැමිණිලි පරීක්‍ෂා කොට බලා අපට විශේෂ නිර්දේශ ලබාදීමට. ඒ අනුව ඉදිරි වැඩකටයුතු සැලසුම් කිරීමට සූදානම් කොට තිබෙනවා. උපරිම වශයෙන් දවස් 60 ක් තුළ මෙම කමිටුව පත් කර විසඳුම් ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා.“ යැයි අමාත්‍යවරයා පැවසී ය.

 

Rate this item
(0 votes)