May 02, 2024

හෙට කොළඹ මාර්ග එක් දිශාවකට පමණක් විවෘත කෙරේ

හෙට (15) පෙරවරුවේ සිට කොළඹ ගාලු පාරේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව ගාලු පාර, වැල්ලවත්ත, සැවෝයි සිනමාහල අසළ සිට ඩික්මන් හංදිය අසළ දක්වා ගාලු පාරේ කොළඹ දෙසට රථවාහන එක් දිශාවකට පමණක් ගමන් කරවන බව පොලීසිය සඳහන් කරයි.

එසේම ඩික්මන් පාර හංදියේ සිට ඩුප්ලිකේෂන් පාර, ධර්මාරාම පාර හංදිය තෙක් කොළඹින් පිටවන වාහන එක් දිශාවකට ගමන් කරවීමට තීරණය කර ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

Rate this item
(0 votes)