May 02, 2024

මෝදි ගේ ‘යාපන සංචාරය’මෙරට මාධ්‍යවේදීන්ට තහනම් වේ

මීට සුළු මොහොතකට පෙර යාපනයේ මහජන පුස්ථකාලයේ පැවැති ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ නිල උත්සවයට මෙරට ජනමාධ්‍යවේදීන්ට ආවරණය කිරීමේ අවස්ථාව නොලැබුණු බව එහි සිටින අප වාර්තාකරු පැවසීය.

ඒ අනුව එම උත්සවය ආවරණය කිරීමේ හැකියාව ලැබී ඇත්තේ ඉන්දීය ජනමාධ්‍යවේදීන් දස දෙනෙකුට පමණක් බවයි වාර්තා වෙන්නේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ යාපන සංචාරයේ ප්‍රධාන උත්සවය මෙය වූ අතර ඉන්දීය ආරක්ෂකයින් විසින් එම අවස්ථාව මෙරට මාධ්‍යවේදීන් සඳහා අහිමි කර ඇත.

කොළඹ සිටි ඉන්දීය හෙළිකොප්ටර් යානා මගින් තලෙයිමන්නාරම වෙත ගුවනින් පැමිණි ඉන්දීය අගමැතිවරයා එහි සිටි ආරක්ෂක රථවලින් යාපනය දක්වා පැමිණ තිබේ.

මේ වන විට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හිලවාලි නිවාස යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය සඳහා පිටත් වී ඇති බවත් සඳහන් වේ. 

කෙසේවෙතත් අදාළ මාධ්‍ය ආවරණය සඳහා මෙරට මාධ්‍යවේදීන්ට අවස්ථාව අහිමි වී ඇත්තේද නියමිත අවසර පත් ලබාගෙන තිබියදී ය.

රොමේෂ් මධුෂංක - වව්නියා

Rate this item
(0 votes)
Last modified on Saturday, 14 March 2015 16:00