May 06, 2024

ආණ්ඩුවේ දින 100 බොරුවක් / ඇත්ත හෙළි වුණා - අනුර කුමාර (VIDEO)

වත්මන් යහපාලන ආණ්ඩුව දින 100 ය පිළිබඳව කතා කළද එය සත්‍ය වශයෙන් ගණන් කිරීමේදී දින 104 කට සකසා ඇති බව ජවිපෙ සොයා ගත් බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

එම දින 104 ද සකසා ඇත්තේ ජනතාව ගැන සිතා නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගැන සිතා බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

ජනතා විමුක්ති පෙරමුණේ බල පෙරළිය සහ ජනතා අභියෝග නමින් පවත්වන රැළි මාලාවේ ඊයේ (13) සවස පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පැවැති ජන රැළියේදී මෙම අදහස් පළ කළේය.

එහිදී හෙතෙම වැඩි දුරටත් පෙන්වා දුන්නේ මෙම දින 100 පිළිබඳව සූක්ෂමව විමසීමේදී දින 104 ක් ගණන් කෙරෙන බවත් එය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප හිමිවීමේ දිනයට සමාන වෙන බවත්ය.

ඒ අනුව දින 100 ජනතාව පිළිබඳව සිතා සකස් කළ වැඩපිළිවෙලක් නොවන බවත් එය දින 104 රේ මන්ත්‍රීවරු ගැන පමණක් සිතූ වැඩපිළිවෙලක් බවත් පෙන්වා දෙයි.

මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කළේ රවී කරුණානායක මහතාට මුදල් ඇමතිකම බාරදීම බලල්ලුන්ට උම්බලකඩ බලාගන්නට දීමක් වැනි බවය. (මේ පිළිබඳ සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න)

සමීර - පොළොන්නරුව

Rate this item
(0 votes)
Last modified on Saturday, 14 March 2015 13:04