May 06, 2024

‘ගෝඨා’ අත්අඩංගුවට ගැනීම කාගේ ඔළුවේ තිබෙන්නක්ද? - ජවිපෙ (VIDEO)

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීම කාගේ හෝ ඔළුවේ පැළවෙන මනස්‌ගාතයක් බව ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසා තිබේ.

එහිදී හෙතෙම පෙන්වා දී ඇත්තේ එවැනි ප්‍රකාශ ජාතික විධායක සභාවේ තීන්දු බවට පත්කිරීම අතිශය වැරදි කටයුත්තක්‌ බවත් තමන් සහභාගි වූ එම කිසිදු සභාවකදී හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා හෝ වෙන කිසිවකු අත්අඩංගුවට ගැනීම පිළිබඳ සාකච්ඡා කර නොමැති බවත් ය. 

ජාතික විධායක සභාව හුදු දේශපාලන ඒකකයක්‌ බවත් හිටපු ආරක්‍ෂක ලේකම් නොව සාමාන්‍ය පුරවැසියකු හෝ අත්අඩංගුවට ගැනීමට හෝ නියෝග කිරීමට එම සභාවට කිසිදු නෛතික බලයක්‌ නැති බවත් හෙතෙම පෙන්වා දී ඇත.


එවැනි අත්අඩංගුවට ගැනීම් මීට පෙර සිදුව තිබුණ ද වත්මන් පාලන ක්‍රමය තුළ එවැන්නක්‌ සිදු නොවිය යුතු බවත් අනුර කුමාර දිසානායක මහතා ව්‍යවස්‌ථාපිත ආයතනවලින් තොරව ඒ කිසිදු අත්අඩංගුවට ගැනීමේ කටයුත්තක්‌ සිදු නොවිය යුතු බවත් අදහස් විමසීමේදී අවධාරණය කර තිබේ.

එම වීඩියෝව පහතින් නරඹන්න..

Rate this item
(0 votes)
Last modified on Sunday, 15 March 2015 08:31