May 06, 2024

මහින්ද - මෝදී හමුව අදලු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාව අද (14) දිනයේදී හමුවීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.

කොළඹ ජාතික කලා භවනේ ඊයේ (13) පැවති චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් නැරඹීමට එක්වුණු අවස්ථාවේදී ඔහු කියා සිටියේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තමන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත්ය.

වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සහ ජාතික ආණ්ඩු සංකල්පය පිළිබවද හිටපු ජනාධිපතිවරයා අදහස් දක්වමින් සඳහන් කළේ ‘‘ ඔයාලා මට වඩා හොඳින් ඒක දන්නවා. ජාතික ආණ්ඩුව ගැන අහන්න හොඳම කෙනා මේ ඉන්නේ. පක්ෂ ලේකම්තුමා. මම ටිකක් මේ දවස්වල දේශපාලනයෙන් ඈත් වෙලා ඉන්නේ. ’’ යනුවෙනි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතාද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වී සිටියහ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 14 March 2015 09:28