May 06, 2024

ජස්ටින්කන්ද මෙහෙයුමෙන් 11 දෙනෙකු සමග කඩු කිනිසි ෆුල්ෆේස් හසු වේ

ගාල්ල - කරාපිටිය - ජස්ටින්කන්ද ප‍්‍රදේශයේ අද (13) අලූයම සිට රාත්‍රී කාලය වන තෙක් කි‍්‍රයාත්මක කර තිබූ හදිසි විශේෂ මෙහෙයුමෙන් පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන පරිදි අපරාධ වැළැක්වීමේ අරමුණින් පොලිසියට ලැබුණු තොරතුරු මත අදාළ ප‍්‍රදේශයේ මෙම මෙහෙයුම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ නිවෙස්වල තිබී කඩු, කිනිසි වැනි තියුණු ආයුධ, ෆුල්ෆේස් හෙල්මට් (හිස් වැසුම්) මෙන්ම නාවික හමුදා නිළ ඇඳුම් කොටස් කිහිපයක් ද සොයා ගෙන ඇත. 

Rate this item
(0 votes)