May 06, 2024

අගමැතිත් කිව්වේ “වෙඩි තිබ්බම මක් වෙනව ද?”- මැකෝ

පසුගිය ජනාධිපතිවරණයේදී අනුගමනය කළ ක්‍රියාමාර්ග පිළිබඳව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද නීති විද්‍යාලයීය සිසුන් සමග අදහස් හුවමාරු කර ගත්තේ මෙලෙසිනි.

“ මා කරපු එකම දේ තමයි මහජනයාට නොබියව ස්වකීය ඡන්දය කැමැත්ත ප්‍රකාශ කරන්න ඉඩ තියෙන බවට මහජන මතය ඇති කිරීම. මොකද මුළු රටේ ම තිබුණා මතයක් එහෙම නැ කියලා. ඒ වගේම ඡන්දයෙන් යම් වරදක් වෙලා තියෙනවා නම් ඒ වරද මට පමණක් නෙවෙයි. ඒක තමයි අපේ මතය. කවුරු දිනුවත් නැතත් මහජනයාට ස්වකීය මතය නිදහසේ ප්‍රකාශ කරන්න ඉඩ දෙන්න ඕන.

අපේ මතය ඡන්ද පොළේ කලබල කියන්නේ ඡන්ද සූන්‍ය කරන්න. එතකොට අපි නැවත් ඡන්දය තියන්න ඕන. දැන් ඔයගොල්ලන්ගේ නීතිය අපේ අගමැතිතුමත් කිව්වේ අපේ ගෙදරට ඇවිත් බලෙන් මොකක් හරි ගත්තොත් වෙඩි තියන්න පුළුවන්. මැරෙන්නම තියෙන්න පුළුවන් ආත්ම ආරක්ෂාවට. මේ නීති පනවලා තියෙන්නේ කොහේද.. පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුව තෝරන්නේ මොකෙන් ද ඡන්දයෙන්නේ. ඡන්දය තියන්නේ කොහෙද ඡන්ද පොළේනේ. ඉතින් ඡන්ද පොළේ කලබල කළාම වෙඩි තිබ්බම. මක් වෙනව ද?

මේ කම්පියුටර් ජිල්මාට් කියන වචනය 100‍% ක් මිත්‍යාවක්. මොකද මේ ප්‍රතිඵල එන්නේ එහෙන් එකතු කරලා. ඒ එකතු කරපු ප්‍රතිඵලය පිටතටත් දෙනවා. අපි පරිගණක පාවිච්චි කරන්නේ ඇඩින් මැෂින් එකක් විදිහට විතරයි.” යනුවෙන් පැහැදිළි කළේය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 14 March 2015 10:30