May 06, 2024

තෙල් සංස්ථාවේ හිටපු සභාපතිගෙන් පොලීසිය ප්‍රශ්ණ කරයි 

පසුගිය රජය සමයේ හෙජින් ගිවිසුම මගින් රජයට අමෙරිකානු ඩොලර් මිලියන 200ක පාඩුවක් සිදුවූ බව පවසමින් කරන ලද පැමිණිල්ලක් මත ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති අසන්ත ද මෙල් මහතාගෙන් දීර්ඝ ප්‍රකාශයක් ලබා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

ඒ අනුව අසන්ත ද මෙල් මහතාගෙන් මූල්‍ය වංචා අපරාධ විමර්ශන කොට්ඨාසයට ගෙන්වා මෙම ප්‍රකාශයක් ලබා ගත් බව ඔහු සඳහන් කළේය.

තවද ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට යටතේ පැවති දිවි නැගුම ව්‍යාපෘතියට අදාළව පසුගිය වසරේ නොවැම්බර් 21 වැනි දා පැවැත්වූ ජාතික සම්මේලනයට රුපියල් මිලියන 63ක් වැය කර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත එම ව්‍යාපෘතියේ හිටපු අධ්‍යක්ෂ ආර්.කේ. රණවක මහතාද ගෙන්වා ප්‍රකාශයක් සටහන් කර ගත් බව ද රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)