May 01, 2024

ඉන්දීය අගමැති මෝදි මෙරට පාර්ලිමෙන්තුව අමතයි

ලොව ඉන්දියාව දෙස බලනුයේ ජගත් ආර්ථිකයේ ප්‍රධාන හවුල්කරුවකු වශයෙන් බවත් ඉන්දියාවේ උත්සාහය එහි ප්‍රථම සහකරු ශ්‍රී ලංකාව කර ගැනීම බවත් අද ලංකා පාර්ලිමේන්තුව අමතමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය.

 

දකුණු ආසියා සංවර්ධනයේ ප්‍රධාන ඇන්ජින් දෙක ඉන්දියාව හා ශ්‍රී ලංකාව කර ගත යුතුව ඇති බවත් හෙතෙම පෙන්වා දී ඇත.

 

න්‍යෂ්ඨික බලය සාමකාමී කටයුතු වලට යොදා ගැනීම සඳහා අපි ගිවිසුම් අත්සන් කළෙමු. කෘෂිකර්මය එසේ දියුණු කර ගත හැකි එක් අංගයකි. චන්ද්‍රිකා තාක්ෂණයේ උපරිම පළ නෙලා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිය. ශ්‍රී ලංකා වැසියන් ඉන්දියාවට ගමන් කිරීමේ දී ඔන්ලයින් වීසා ක්‍රමය අපි ක්‍රියාත්මක කරන්නෙමු.

 

මගේ උපන් බිම බුදු චරිතයේ වැදගත් ස්ථානයකි.  අප දෙරටේ ආරක්ෂාව අපේ පැවැත්මට බෙහෙවින්ම අවශ්‍ය වේ. සාමුද්‍රික ආරක්ෂාව ද ඉතා වැදගත් වේ. දියුණුවේදීත්, ආපදාවේදීත් අත්වැල් බැඳ ගැනීමේ ශක්තිය අප දෙරටට තිබිය යුතුයි. යනුවෙන්ද පවසා ඇත.

Rate this item
(0 votes)