May 01, 2024

කුමන්ත්‍රණය වළක්වන්න ප්‍රමාද වැඩි වුණා - මහින්ද රජපක්ෂ

ඉන්දීය රෝ රහස් ඔත්තු සේවාව සී.අයි.ඒ සහ එම්.අයි.සික්ස් යන බටහිර ඔත්තු සේවාවන් සමඟ එක්ව තමාට එරෙහිව විපක්ෂය සංවිධාන කළ බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චෝදනාවක් එල්ල කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේදී කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු ඉවත් කිරීමට තමා කටයුතු කළේ ඒ හේතුව නිසා බව ද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි. එහෙත්, ඒ වනවිට කුමන්ත‍්‍රණය වැළැක්වීමට ප‍්‍රමාද වැඩි වූ බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ.

ද හින්දු පුවත්පත සමඟ පැවති සාකච්ඡාවකදී හිටපු ජනාධිපතිවරයා මේ බව පෙන්වා දී තිබේ.කෙසේවෙතත් ආණ්ඩු පෙරළිය සඳහා රෝ සම්බන්ධතාවට නරේන්ද්‍ර මෝදිගේ වත්මන් ඉන්දීය රජය වගකිව යුතු නොවන බවයි මහින්ද රාජපක්ෂ මහතාගේ අදහස වී ඇත්තේ.

 

Rate this item
(0 votes)