May 01, 2024

මහින්ද අද කොළඹ උත්සවයකට එයි - මෝදි හමුවෙයි?  

සම්මානනීය ජනමාධ්‍ය ඡායාරූප ශිල්පී සංඛ විදානගම මහතාගේ ජනමාධ්‍ය දිවියට වසර දහයක් සපිරීම නිමිත්තෙන් ඔහු විසින් පවත්වනු ලබන ප්‍රථම ජනමාධ්‍ය ඡායාරූප දැක්මේ සමාරම්භක උත්සවය අද (13) පස්වරු 04.30ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව වාර්තා වේ.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද කොළඹට පැමිණෙන අතර හිටපු ජනාධිපතිවරයා අද කොළඹ ප්‍රදේශ‍යේ රැඳී සිටීමට නියමිත බව “ද  හින්දු” පුවත්පත වාර්තා කර තිබිණි.

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට‍ පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුවීමට ඉඩ ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේවෙතත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේදී කොළඹදී පැවැත්වෙන ජනමාධ්‍ය ඡායාරූප දැක්මේ සමාරම්භක උත්සවයට සහභාගී වීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැතිවරයා හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක, විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා, මුස්ලිම් හා ද්‍රවිඩ පක්ෂ නායකයින් හමුවීමට ද නියමිත බව වාර්තා වේ. 

 

Rate this item
(0 votes)