May 01, 2024

අද අත්සන් තැබූ ඉන්දු - ලංකා නව ගිවිසුම් 04 මෙන්න

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඉදිරියේ අද දෙරටේ අංශ කිහිපයකට වැදගත් වන ගිවිසුම් හතරක් අත්සන් තැබීණ.

 

රාජ්‍ය තාන්ත්‍රික හා නිලධාරී ගමන් බිමන්වලදී වීසා නොමැතිව ගමන් කිරීමේ හැකියාව පිළිබඳ ගිවිසුම, රේගු කටයුතුවල දී දෙරට අතර සහයෝගය දැක්වීමේ ගිවිසුම, තරුණ කටයුතු සංවර්ධන ගිවිසුම හා රවීන්ද්‍රනාත් තාගෝර් පදනම රුහුණු සරසවියේ  පිහිටුවීම එම ගිවිසුම් හතරයි.

 

ජනාධිපති ලේකම් කාර්යාලයයේ පැවැති මේ උත්සවයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරු, ඉන්දියා නිලධාරී පිරිසක් ද එක් වූහ.

 

Rate this item
(0 votes)