May 01, 2024

මෝදි ගේ ගමන් නිසා අද මාර්ග කිහිපයක ප්‍රවාහනය සීමා කෙරේ

ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරය තුළදී සිදුවෙන නිළ ගමන් බිමන් හේතුවෙන් අද (13දා) පස්වරු 04.30 සිට පස්වරු 05.00 දක්වා කාලය තුළ මාර්ග කිහිපයක සාමාන්‍ය ප්‍රවාහන කටයුතු සීමා කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව ශ‍්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව අසල සිට පාර්ලිමේන්තු පාර,  පොල්දූව, ආයුර්වේද හංදිය, ඩි.එස්. හංදිය, නෙළුම් පොකුණ ඔස්සේ කොල්ලුපිටිය හංදිය,  ගාලුපාර ඔස්සේ ගාලුමුවදොර දක්වා මාර්ගයේ රථ වාහන ගමනය සීමා වෙන බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය දන්වා සිටි.

Rate this item
(0 votes)
Last modified on Friday, 13 March 2015 11:56