May 19, 2024

සාම කථාවට අනුර යයි

හංවැල්ල, තුන්නාන ප්‍රදේශවාසීන් විසින් පවත්වන විරෝධතාව සමථයකට පත් කිරීමට හා එම ගැටළුවට විසඳුමක් ලබා දීමට ආරක්ෂක ලේකම්වරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා එම ප්‍රදේශයට යවා ඇති බව වාර්තා වේ.

හංවැල්ල, තුන්නාන ප්‍රදේශවාසීන් පිරිසිදු පානීය ජලය ලබා දෙන ලෙස ඉල්ලා පැවැත්වෙන විරෝධතාවක් විසුරුවා හැරීමට මේවන විට පොලීසිය කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාර එල්ල කර තිබේ.

මෙම විරෝධතාව හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ වාහන ධාවනය ඇණ හිට ඇති බවත් මීපේ සහ හංවැල්ල අතර ප්‍රදේශයේ හයිලෙවල් මාර්ගය භාවිත කිරීමෙන් වළකින ලෙසත් පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

හංවැල්ල තුන්නාගම ප්‍රදේශයේ ජනතාවට ඇති වී ඇති මෙම පානීය ජල ගැටලුවට විසදුමක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා නියෝජ්‍ය අමත්‍ය ෆයිසර් මුස්තාපා මහතා වෙත දන්වා තිබූ අතර පසුව අමත්‍යවරයා එම ප්‍රදේශය වෙත ගොස් අදාල කර්මාන්ත ශාලාව නිරීක්ශණය කොට ජනතාව සමග විශේෂ සාකච්ජාවක් පැවැත්විය.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 16 March 2014 10:07