May 01, 2024

මෛත්‍රී,මෝදි,රනිල් සාකච්ඡා අරඹයි (VIDEO)

දිවයිනට පැමිණි ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර ද්වීපාර්ශවික සාකච්ඡා ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ වනවිට ආරම්භ වී ඇති බව වාර්තා වේ.

දැන් පැවැත්වෙන ද්වීපාර්ශවික සාකච්ඡාව සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද එක්ව සිටින අතර අනතුරුව ඉන්දීය රාජ්‍ය තාන්ත‍්‍රිකයන් සහ ශ‍්‍රී ලංකා රජයේ බලධාරින් අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තබනු ඇති.

අද අලූයම 5.20 ට ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට විශේෂ ගුවන් යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණියහ. එහිදී ඔහුව පිළිගනු ලැබුවේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසිනි.

අගමැති මෝදි දිවයිනට පැමිණි එම වීඩියෝව පහතින් නරඹන්න..

Rate this item
(0 votes)
Last modified on Friday, 13 March 2015 11:18