May 01, 2024

මාව එහෙම අත්අඩංගුවට ගන්න බැහැ

පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් කිසිදු වංචාවක් හෝ දූෂණයක් සිදු වී නොමැති බවත් දේශපාලන සිද්ධීන් මත පළිගැනීමේ අරමුණින් ඇතැමුන් මාව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත.

පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් වන සියලු තොරතුරු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට ලබා දී ඇති බව ද ඒ මහතා පවසා තිබේ.

කිසියම් වරදක් සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත යුතු බවට තීරණය කිරීමේ බලයක් විධායක සභාවට නොමැති බව ද හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටී.

හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගෙන ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ කටයුතු සිදුකළ යුතු බවට ජාතික විධායක සභාව පෙරේදා (11) කළ යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම කරුණු හෙළිකර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 14 March 2015 09:30