May 10, 2024

ෆොන්සේකා නීතිය දන්නේ නැහැලු

තමා වෙත එන ඕනෑම සේවාලාභියෙකු වෙනුවෙන් පෙනී සිටීමේ නිදහස තමාට තිබෙන බැවින් ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වා දෙන  ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා කටයුතු කරනුයේ නීතිය නොදන්නා කෙනෙකු ලෙස බව පවසා තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටින එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ පවත්නා ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව සරත් ෆොන්සේකා මහතාට පාර්ලිමේන්තුවට යාමට හැකියාවක් නොමැති බවය.

“සරත් ෆොන්සේකා නීතිපතිතුමාට චෝදනා කරනවා. නීතිඥයන් වෙනස් කළා කියලා..එයා කවුද ඒක තීන්දු කරන්න..එයාට මොකක්ද තියෙන බලය.එයා වෙනත් වචනවලින් කියන්නෙ ඔහු නඩුවක් දැම්මම රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් කතා කරන්න ඔහුට අවශ්‍ය නීතිඥයන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් එවිය යුතු බවයි”. යනුවෙන්ද පවසා ඇත. 

Rate this item
(0 votes)