May 10, 2024

ඉන්දීය අගමැති මෝදි දිවයිනට 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද(13) අළුයම 5.20ට පමණ ඉන්දීය විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණියේ ය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිළධාරීන් පැමිණ ඇත.

නරේන්ද්‍ර මෝදි මහතා අද පෙරවරු 9.30 ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන පිළිගැනීමේ උත්සවයට සහභාගි වීමට නියමිත ය. එහිදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිතව තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට යාමට නියමිත ය.

එමෙන්ම අද පස්වරුවේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හිටපු ජනාධිපතිනිය මුණගැසීමට නියමිතව තිබේ.

ඉන් අනතුරුව අද දිනයේදී ම ව්‍යාපාරික ප්‍රජාව ද මුණ ගැසීමට සැළසුම් කර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දින 2ක් දිවයිනේ රැඳී සිටිනු ඇත. ඒ අනුව නරේන්ද්‍ර මෝදි මහතා හෙට පස්වරුවේ දිවයිනෙන් පිටව යාමට නියමිත ය.

ටී.කේ.ජී කපිල - කටුනායක

Rate this item
(0 votes)
Last modified on Friday, 13 March 2015 10:54