May 11, 2024

අගමැති රනිල්ට නොතීසි

එක්සත් ජාතික පක්ෂ නායක සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.

එ.ජා.ප. හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එරෙහිව ඔහු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.  

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය අහෝසි කිරීමට එරෙහිව අත්තනායක මහතා විසින් එම පෙත්සම ගොනු කර තිබිණ. 

ඒ අනූව එම පෙත්සම විනිසුරු බුවනෙක අළුවිහාරේ, ඊවා වනසුන්දර හා උපාලි අබේරත්න යන විනිසුරුවන් ඉදිරියේ ලබන 19 වැනිදාට සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීරණය කර ඇත.

තවද එම දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි එජාප නායකයාටත්, කත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයින්ටත් නොතීසි නිකුත් කර ඇත.

Rate this item
(0 votes)