May 10, 2024

හයිබ්‍රිඩ් පෙත්සම නිසා රවී ට නොතීසි

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු වගඋත්තරකරුවන් හයදෙනෙකුට අද අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් කිහිපදෙනෙකු අභියාචනාධිකාරණයට ඉදිරිපත් කළ පෙත්සම මගින් පවසා ඇත්තේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පසුගිය පෙබරවාරි 10 වනදා නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් හයිබ්‍රිඩ් වාහන මිල ඉහළ ගොස් ඇති බවයි.

ඒ තුළින් වාහන ආනයනකරුවන් අපහසුතාවට පත්ව ඇති බවද පෙත්සම්කරුවන් සඳහන්  කර තිබේ. අදාළ පෙත්සම විභාග කිරීමට නියෝග කළ අභියාචනාධිකරණය මාර්තු මස 24 වෙනිදා එය විභාගයට ගන්නා බවද සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 12 March 2015 16:17