May 10, 2024

ඇවන්ට් ගාර්ඩ් සභාපතිගේ නයිජීරියා ගමනට අවසර නෑ

ඇවන්ට් ගාර්ඩ් පෞද්ගලික ආරක්ෂක සමාගමේ සභාපති එච්.එන්.යාපා සේනාධිපති මහතාට ව්‍යාපාරික කටයුතු සඳහා නයිජීරියාවට යාමට අවසර ලබාදෙන ලෙස කළ ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (12) ප්‍රතික්ෂේප කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ අතරමග නතරවන බව රහස් පොලිසිය මෙහිදී ප්‍රකාශ කර ඇති අතර ආරක්ෂක අමාත්‍යංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරුන්ගේ වාර්තාව පදනම් කරගනිමින් එම නියෝගය ලබාදී ඇත.

ඔහුගේ සමාගමේ ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන් නයිජීරියාවට යාමට සේනාධිපති මහතාගේ නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයේ අවසර ඉල්ලා තිබිණි.

ඔහු නයිජිරියාවට නොගියහොත් ඔහුට සහ රටට රුපියල් මිලියන 3500 ක පාඩුවක් සිදුවන බවද ඔවුහු සඳහන් කර සිටියහ.

මෙම නඩු විභාගය ලබන ජූලි 11 වැනි දාට කල් තැබිණි.

Rate this item
(0 votes)