May 10, 2024

බ්‍රිතාන්‍යයට ගිය ජනපති යළි දිවයිනට 

බ්‍රිතාන්‍යයේ සිව්දින නිල සංචාරය නිමා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) පස්වරු 2.37 පමණ දිවයිනට පැමිණියේය.

ජනාධිපතිවරයා සමඟ දූත පිරිස ඩුබායි සිට පැමිණි එම්රේට්ස් ගුවන් සමාගමට අයත් EL 654 දරන ගුවන් යානයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලට පැමිණ තිබේ. 

පොදු රාජ්‍ය මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලන්ඩන් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල සැමරුම් දින උළෙලට සහභාගීවීම සඳහා පසුගිය 7 වැනි දා දිවයිනෙන් පිටත්ව ගියේය. 

බ්‍රිතාන්‍ය දෙවන එලිසබෙත් මහ රැජනගේ ආරාධනයක් අනුව මෙම සංචාරයේ නිරත විය. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව සිදු කළ දෙවන නිල විදේශ සංචාරය මෙය වේ.

කටුනායක - ටී.කේ.ජී කපිල 

Rate this item
(0 votes)