May 04, 2024

හිටපු නියෝජ්‍ය ඇමති සරණ අත්අඩංගුවට

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට රහස් පොලීසියට කැඳවා තිබූ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් අප කළ විමසීමකදී සඳහන් කළේ සරණ ගුණවර්ධන මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඒ අනුව රුපියල් ලක්ෂ 90ක යකඩ ගනුදෙනුවක් සම්බන්ධයෙන් සැකපිට සරණ ගුණවර්ධන මන්ත්‍රීවරයා රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

  

Rate this item
(0 votes)
Last modified on Friday, 13 March 2015 07:35