May 03, 2024

හෙට ලංකාවට එන ‘මෝදී’ මහින්ද හමුවෙන බව ‘ද හින්දු’ කියයි

දෙදින නිල සංචාරයක් සඳහා හෙට මෙරටට‍ පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුවීමට ඉඩ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරන පරිදි ඉන්දියාවේ “ද  හින්දු” පුවත්පත වාර්තා කරන්නේ එවැනි හමුවකට අවශ්‍ය පරිසරය කොළඹදී සැකසෙන බවය.

හිටපු ජනාධිපතිවරයා හෙට කොළඹ ප්‍රදේශ‍යේ රැඳී සිටීමට නියමිත බවද එම පුවත්පත් වාර්තාවේ දැක්වෙයි.

මේ අතර හෙට ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය අගමැතිවරයා හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක, විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා, මුස්ලිම් හා ද්‍රවිඩ පක්ෂ නායකයින් හමුවීමට ද නියමිත බව වාර්තා  වෙයි.

Rate this item
(0 votes)