May 03, 2024

සජින් අල්ලස් කොමිසමට එයි

එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා මේවන විට අල්ලස් කොමිසමට පැමිණි බව වාර්තා වේ.

ඔහුගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශයක් සටහන් කරමින් සිටින බවද ආරංචි මාර්ග පවසයි.

අයථා ලෙස වත්කම් උපයන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් සටහන් කරගැනීමට ඊයේ (11) උදෑසන අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙසට ඔහුට දැනුම්දී තිබුණත් අසනීප තත්ත්වයෙන් පසුවන හෙයින් පැමිණිය නොහැකි බවට ඔහු දැනුම්දී තිබිණි. 

කෙසේ වෙතත් මුදල් විශූද්ධිකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධනගේ බිරිඳගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (11) ප‍්‍රශ්න කළේය. 

Rate this item
(0 votes)