May 04, 2024

ව්‍යවස්ථා සංශෝධනය හදිසි පනතක් ලෙස ගෙනාවොත් දැඩි තීරණයක්

හදිසි පනතක් වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනඑනු ලැබුවහොත් ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැඩි විරෝධය පළ කරන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.

කිසිදු ආකාරයකින් හදිසි පනතක් වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු නොකළ යුතු බවත් එසේ සිදු කිරීමට උත්සහ කළහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊට සහාය දෙනවාද නැද්ද යන්න පිළිබඳව දැඩි තීරණයක් ගන්නා බවද සඳහන් කරයි.

මෙම ව්‍යවස්ථා සංශෝධනය සාමාන්‍ය පනතක් හැටියට ගෙන, මේ රටේ ජනතාවට මේ පිළිබඳ ජනතා සංවාදයක් ඇති කළ යුතු බවත් එමෙන්ම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කාල සීමාවක් තිබිය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (11) පැවැති මාධ්‍යහමුවේදී නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කෙළේය.

නව ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමේ දී ආසන නිර්නය කිරීමට මාස තුනක පමණකාලයක් ගතවන බව පැවැසු ඒ මහතා එසේ නොමැතිව හදිසි පනතක් ලෙස ගෙනඒම ජනතා ප්‍රජාතන්ත්‍රවාදය පාගා දැමීමක් බව කියා සිටියේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාගෙන් ඉවත් කිරීම, ජනාධිපතිවරයා අධිකරණය හමුවට පැමිණවීම, ආණ්ඩුකාරවරුන් පත්කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරීම, ආරක්ෂක අංශය ජනාධිපතිවරයා සතුවීම ඇතුළු යෝජනා රැසක් ඇතුළත් කළ මූලික කෙටුම්පත මේ වන විට විධායක සභාවට, පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට, සන්ධානයේ පක්ෂ වෙත ලබා දී ඇති බවත් එම පිරිස් ලබාදෙන යෝජනා ඇතුළත් කරමින් අවසන් කෙටුම්පත කඩිනමින් සකස් කරන බවත් හෙතෙම කීවේය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 12 March 2015 10:30