May 04, 2024

අජිත් රෝහණ මාරු කෙරේ / පැවැති රජයේ සිදුවීම් ගැන ප්‍රශ්න කිරීමේ අවධානමක් නැහැ

දීර්ඝ කාලයක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ උතුර කොට්ඨාසයට මාරු කර තිබේ.

ඔහු වෙනුවට එම තනතුරේ කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක වශයෙන් පත්කර ඇත.

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා මේ වන විට මැලේසියාවේ සංචාරයක නිරත වී සිටියි. ඔහු මාධ්‍ය හා සමීපව කටයුතු කළේය.

පැවැති මහින්ද රාජපක්ෂ රජය යටතේ ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා එකී සමයේදී විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් (රතුපස්වල වැනි) සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන්, නව රජය සිදු කරන පරීක්ෂණවලට අදාළව ප්‍රශ්න කිරීම් සිදු කිරීමට බලාපොරොත්තු වන්නේදැයි අප නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගෙන් විමසීමක් සිදු කළේය.

එහිදී ඒ මහතා සඳහන් කළේ එවැනි තත්ත්වයක් කිසිසේත්ම නොමැති බවය.

මේ අතර ඊයේ (11) පැවැති විපක්ෂ මාධ්‍ය හමුවේදී නිමල් සිරිපාලද සිල්වා මහතා සඳහන් කර ඇත්තේ පොලිස්පතිවරයාගේ නිර්දේශයන් නොමැතිව විෂයභාර ඇමැතිවරයාගේ වුවමනාවට පොලිස් නිලධාරීන් මාරුකරමින් සිටින බවය. "ඇමැතිවරයකුට කිසිම අයිතියක් නැහැ එහෙම කරන්න. එම නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මෙම අමාත්‍යාංශය වෙනත් කාට හෝ පවරන්න හෝ නැත්නම් ජනාධිපතිතුමාගේ යටතට ගන්න කියලා". යනුවෙන්ද පවසා ඇත.

Rate this item
(0 votes)
Last modified on Thursday, 12 March 2015 10:36