May 04, 2024

මහා පරිමාණ කුඩු ජාවාරම්කරු මීගමුවේදී කොටුවූ හැටි පොලීසිය හෙළි කරයි (VIDEO)

හෙරොයින් කිලෝග්‍රෑම් 5ක් සමග ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මීගමුවේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගැනිණ. 

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය දින කිහිපයක සිට සිදු කළ වැටලීම්වල ප්‍රතිඵලයක් ලෙස 10 වැනි දා මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන තිබේ.

ජවාරම සම්බන්ධයෙන් මෙම සැකකරුගේ පුත්‍රයා ද අත්අඩංගුවට ගත් බවත් සැකකරු මීගමුව ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවි සලක් ඇතුළු ව්‍යාපාරික කටයුතුවල ද නිරතව ඇති බවත් පොලීසිය පැවසී ය.

1990 දශකයේ සිට සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වී ඇති බවට පොලීසිය සැක කරයි.

Rate this item
(0 votes)