May 06, 2024

අප්‍රේල් 23න් පසු මහමැතිවරණයක් - එජාපය අද තීන්දු කරයි (VIDEO)

ලබන අප්‍රේල් මස 23 වැනිදායින් පසු මහමැතිවරණයකට යාමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇතැයි එජාප මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඉකුත් ජනපති මැතිවරණ සමයේදී මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරමින් දින 100 වැඩපිළිවෙළක් යෝජනා කළ බවත් එම යෝජනාවලියට අනූව අප්‍රේල් මස 23දාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිතව ඇති බවත් ඔහු සඳහන් කරයි.

අද (11) කෝට්ටේ සිරිකොත එජාප පක්ෂ මූලස්ථානයේදී එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවති අතර ඉන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

ඒ අනූව මැතිවරණ වේදිකාවේදී ලබාදුන් පොරොන්දුවට අනූව මහමැතිවරණයකට යාමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කර ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 11 March 2015 21:09