May 06, 2024

පොළොන්නරුවේ අසාමාන්‍ය ශබ්දයක් (EXCLUSIVE)

මීට සුළු මොහොතකට පෙර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අසාමාත්‍ය විශාල ප්‍රමාණයේ ශබ්දයක් ඇසී තිබේ.

එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ පොළොන්නරුව පොලිසිය මේ පිළිබඳව සෝදිසි කරන නමුත් මේ වන තෙක් කිසිදු හෝඩුවාවක් සොයාගත නොහැකි වූ බවය.

මෙම අසාමාන්‍ය ශබ්දයත් සමග පොළොන්නරුව ප්‍රදේශවල නිවාස දොර ජනේල දෙදරුමකට ලක් වූ බවත් වාර්තා වේ.

පොළොන්නරුව නගරය, බැඳිවැව, ඇතුමල්පිටිය, ලක්ෂඋයන ආදී ප්‍රදේශවලට මෙම ශබ්දය දැඩිව ඇසී තිබේ. ඒ රාත්‍රී 8.30 පමණ බවයි අනුමාන කෙරෙන්නේ.

 

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 11 March 2015 20:56