May 06, 2024

නාරාහේන්පිටින් මතුවූ ගුවන් යානය ගුවන් හමුදාවට

නාරාහේන්පිට තොග වෙළඳ ගබඩා වෙළඳ සංකීර්ණයේ තිබී සොයාගත් සැහැල්ලු ගුවන් යානය ගුවන් හමුදාවට භාර දීමට නියමිත බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

එම ගුවන් යානය ගුවන් හමුදාවට භාර දීමෙන් අනතුරුව ගුවන් හමුදා කෞතුකාගාරයේ තැබීමට නියමිත බවද එම සැහැල්ලු ගුවන් යානය අයිති පුද්ගලයින් විසින් ගුවන් හමුදාවට එය භාර දීමට සූදානම් බවද හෙතෙම සඳහන් කළේය.

එම ගුවන් යානය හෙට (12) ගුවන් හමුදා භාරයට ගැනීමට නියමිත බව වාර්තා වේ.

එය ආචාර්ය රේ විජයවර්ධන මහතා විසින් නිශ්පාදනය කර තිබෙන අතර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ මැදිහත්වීමෙන් එය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පරිත්‍යාග කිරීමට නියමිතය.

නාරාහේන්පිට ආර්ථික මධයස්ථානයේ ගබඩාවක තිබු හමු වූ මෙම සැහැල්ලු ගුවන් යානය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන චන්ද්‍රන් රත්නම් මහතාට අයත් තිබූ අතර සිය චිත්‍රපට කටයුතු සඳහා මෙම සැහැල්ලු ගුවන් යානයගෙන ආ බවත් එය යෝෂිත රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව ඔහුට ලබාදුන් බවත් ඔහු ප්‍රකාශ කර තිබිණි.

 

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 11 March 2015 15:27