May 06, 2024

ඡන්ද නැතිව ආණ්ඩුව ගෙනි යන්න - ඇමති අර්ජුන

පාර්ලිමේන්තු මැතිවරණය ඉක්මනින් නොපවත්වා වත්මන් ආණ්ඩුව තවත් වසර පහක කාලයක් ක්‍රියාත්මක විය යුතු බව වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඒ අනුව ජාතික ආණ්ඩු සංකල්පය සවිබල ගැන්විය යුතු බවත් අමාත්‍යවරයා පවසයි.

එම අමාත්‍යාංශය අද (11දා) නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ  සියලු ජන කොටස් සහ පක්ෂ නායකයින් එකම වේදිකාවකට පැමිණ සිටින මෙම  අවස්ථාව රට ගොඩනැඟීම සඳහා ඇති හොඳම අවස්ථාවද වන බවය.

තමාගේ තීරණය වත්මන් ආණ්ඩුව වසර 5ක් ගෙන ගිය යතු බවත් වසර 05 යනතෙක් ඡන්ද පැවැත්වීමෙන් වැලකිය යුතු බවත් යනුවෙන් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කර තිබේ. “හොරකම් කරන්නේ නැති ජනාධිපතිවරයෙක් ඉන්නවා. හොරකම් කරන්නේ නැති අගමැතිවරයෙක් ඉන්නවා. දැන් මේ සියල්ලමත් එක්ක පසුගිය අවුරුදු 9 දී ආපස්සට ගිය රට ඉදිරි අවුරුදු 5 දී ඉදිරියට ගෙනියන්න පුළුවන් වේවි” යැයි ඔහු පැවසීය.

Rate this item
(0 votes)