May 06, 2024

තිස්සගේ ව්‍යාජ ලේඛන නඩුව අවසන් අදියරේ

ව්‍යාජ ලේඛන සකස් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා  සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ බොහෝ දුරට අවසන්ව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත දැනුම්දී තිබේ.

ඉකුත් ජනපති මැතිවරණ සමයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා ගනිමින් කූඨ ලේඛන සැකසීමේ චෝදනාව මත තිස්ස අත්තනායක මහතාට එරෙහිව මෙම නඩුව විභාගයට ගැනේ.

එම පරීක්ෂණවල උදෘත නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව සිද්ධියට අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත.

ඒ අනූව නඩු විභාගය ජූනි මස 3 වැනිදාට කල් දැමූ අතර පරීක්ෂණවල ප්‍රගතිය එදිනට දැනුම්දෙන ලෙස ද කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එහිදී නියෝග කර තිබේ.

Rate this item
(0 votes)