May 22, 2024

බිරිදෑවරු දෙදෙනෙක් CID ප්‍රශ්න කිරීම්වල

පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගේ බිරිඳගෙන් සහ වරාය හිටපු සභාපති ප්‍රියත් බන්දුවික්‍රම මහතාගේ බිරිඳගෙන් මේවන විට අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව වාර්තා වේ.

මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් සිදු කළ විමසීමකදී සඳහන් කළේ සජින් වාස් ගුණවර්ධන සහ ප්‍රියත් බන්දුවික්‍රම යන අයට විරුද්ධව ලැබී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් සිදු වූ බවය.

ලැබුණු පැමිණිල්ලට අනුව මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 11 March 2015 13:07