May 21, 2024

රට යන ගෘහ සේවිකාවන්ට රජය වැට බඳින්න හිතයි

මෙරට කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදෙස් රටවලට යැවීම අඛණ්ඩව සිදු කිරීමට වත්මන් රජය අපේක්ෂා නොකරන බව පවසා තිබේ.

වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා මේ බව පවසා ඇත.

රැකියා සඳහා විදේශගතව මියගිය සහ ආබාධිත වූවන්ගේ පවුල්වලට වන්දි පිරිනැමීමේ අවස්ථාවකට කොළඹදී ඊයේ එක්වෙමින් හෙතෙම මේ බව බවසා තිබේ.

රැකියා සඳහා විදෙස් ගතවන පුද්ගලයන්ට විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කිරීම සඳහා වන මූලික ප‍්‍රතිපත්තියට කැබිනට් අනුමැතියද හිමිවී ඇති බවත් වැඩබලන විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කර ඇත.

Rate this item
(0 votes)