May 22, 2024

අර්ජුන් මහේන්ද්‍රන් ට එරෙහිව ‘සන්ධාන මන්ත්‍රීවරු’ අල්ලස් කොමිසමට යයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුවකදී සිදුවීයැයි කියනු ලබන අක්‍රමිකතාව සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ලෙස ඉල්ලා අද (11) එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පැමිණිල්ලක් සිදු කළහ.

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව ‍එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද අමරවීර, ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට මෙම පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඉකුත් පෙබරවාරි මස 25 වන දින බැඳුම්කර නිකුත් කිරීමට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පුවත්පත් දැන්වීමක් ප්‍රසිද්ධියට පත්කර තිබුණු අතර මෙම නිකුතුවෙන් මිලියන 5000 ක්ම ලබාගනු ලබන්නේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනණුවන්ට අයත් පර්පර්චුවල් ටෙ‍්‍රෂරි මූල්‍ය ආයතනය මගින් වීම මෙම චෝදනාව එල්ලවීමට හේතුවී තිබේ.

 

Rate this item
(0 votes)