May 21, 2024

කර්මාන්තශාලාවේදී පරිප්පු තොගයට යටවුණු පුද්ගලයා අතුරුදහන්

කැලණිය, පට්ටිවල ප්‍රදේශයේ කර්මාන්තශාලාවක සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා තවත් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

පරිප්පු පියලි කරන කර්මාන්ත ශාලාවකදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්. අතුරුදන්ව ඇත්තේ මොණරාගල  නුගගහබැද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙකි.

පරිප්පු ගබඩා කර ඇති අඩි අනූවක් පමණ උසැති කුළුණක් කඩා වැටී එහි තිබූ පරිප්පු තොගයට යටවීමෙන් ඔහු අතුරුදන්ව ඇති බව සඳහන්.

Rate this item
(0 votes)