May 21, 2024

ශිරානී ට සාදාරණය ඉටු වුණා වගේ මටත් විය යුතුයි - ජෙනරල් ෆොන්සේකා

තම පාර්ලිමේන්තු ධුරය ඉල්ලා අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු සිදු කළ ආකාරය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

කොළඹදී අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

එහිදී හෙතෙම වැඩි දුරටත් පේනවා දුන්නේ ජයන්ත කැටගොඩ මන්ත‍්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටියේ කුමන පදනමකින්ද යන්න පිළිබඳව කරුණු විමසිය යුතුව ඇති බවයි.

ජනතා මතයට අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාට සහ අධිකරණ ඇමතිවරයාට ගැළවිය නොහැකි බවයි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරන්නේ.

ශිරානී බණ්ඩාරනායක මහත්මිය අස්කළ ආකාරය වැරදී කියා ඔප්පු වූ නිසාවෙන් එතුමියට නැවත එම තනතුර හිමි වූවා හා සමානව තමාට පාර්ලිමේන්තු ධූරය අහිමි වූ ආකාරය වැරදී බව සනාථ වී ඇති හෙයින් තමාටද සාදාරණය ඉටුවිය යුතු බවයි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වැඩි දුරටත් පැවසූවේ.

 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 10 March 2015 22:31