May 21, 2024

අගමැති රනිල්ගේ ප්‍රකාශය නිසා මෝදි ලංකා සංචාරය අවලංගු කළ යුතුයි - වී. නාරායනසාමි

ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයට විරෝධය පා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිය ශ්‍රී ලංකා සංචාරය අවලංගු කළ යුතු බව හිටපු ඉන්දීය රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ වී. නාරායනසාමි ප්‍රකාශ කර ඇති බව එරට 'එක්‌ප්‍රස්‌' පුවත් සේවය වාර්තා කර ඇත.

ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වන ඉන්දීය ධීවරයන්ට වෙඩි තැබීමට නාවික හමුදාවට අයිතියක්‌ ඇති බව පවසමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය පිළිබඳව හිටපු ඉන්දීය ඇමැතිවරයා උරණ වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මෙම ප්‍රකාශය ඉන්දීය විදේශ ඇමැතිනි සුෂ්මා ස්‌වරාඡ් මහත්මිය විසින් හෙළා දැකිය යුතු බවත් නාරායනසාමි මහතා පවසා ඇත. ඉන්දීය පාර්ලිමේන්තුව ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය හෙළා දැකිය යුතු බව ඉන්දීය කොංග්‍රසයේ හිටපු ඇමැතිවරයා අවධාරණය කර තිබේ.

Rate this item
(0 votes)