May 22, 2024

මෝදිගේ පරිවාර ඇමැති ලෙස කිරිඇල්ල පත් කරයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී පරිවාර ඇමැතිවරයා ලෙස කටයුතු කිරීමට සභානායක හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රජය පත් කර තිබේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී මහා බෝධිය වන්දනා කිරීමෙන් අනතුරුව සිදුකෙරෙන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීම, ඉන්දියානු ණය ආධාර මත ඉදිකෙරෙන තලෙයිමන්නාරම මැදවච්චිය දුම්රිය මාර්ගය විවෘත කිරීම, සංස්කෘතික ණය ආධාර මත යාපනයේ ඉදිකෙරෙනු නිවාස ජනතා අයිතියට පත්කිරීම, යාපනය දිස්ත්‍රික්කයේ සහ නැඟෙනහිර පළාත තුළ කෙරෙන සංචාරය සහ තවත් වැදගත් සහ විශේෂ අවස්ථාවන් කිහිපයක් සඳහාම ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පරිවාර ඇමැතිවරයා ලෙස කටයුතු කිරීමට නියමිතය.

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය, වසර 27කට පසුව ඉන්දීය අගමැතිවරයෙක් ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වන විශේෂ අවස්ථාවකි.

Rate this item
(0 votes)