May 18, 2024

උසස් පෙළ තාක්ෂණවේදී ප්‍රශ්න පත්‍ර ව්‍යුහය අන්තර්ජාලයට

අ.පො.ස. (උසස් පෙළ) තාක්ෂණවේදය විෂය ධාරාවේ විෂයන්වල ප්‍රශ්න පත්‍ර ව්‍යුහය හා මුලාකෘති ප්‍රශ්න ඇතුළත් පොත් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සිංහල හා දෙමළ මාධ්‍යයෙන් ඇතුළත් කර තිබෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි. 

එම විස්තර විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය. 

ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය, තාක්ෂණවේදය සඳහා විද්‍යාව යන විෂයයන් හි ප්‍රශ්න පත්‍ර ව්‍යුහය මෙලෙස වෙබ් අඩවියට ඇතුළත් කර ඇත.  

ඊට අමතරව 2015 අ.පො.ස.(උ/පෙළ) විභාගයේ දී තාක්ෂණ විද්‍යා විෂය ධාරාවේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම සඳහා පදනම් කර ගන්නා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ලැයිස්තුව ද සිංහල හා දෙමළ මාධ්‍යයෙන් මෙම වෙබ් අඩවියට ඇතුළත් කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසී ය. 

අ.පො.ස. (උසස් පෙළ) තාක්ෂණ‍වේදය විෂය ධාරාව හදාරන සිසුන් එම විභාගයට ප්‍රථම වතාවට පෙනී සිටින්නේ මෙම වර්ෂයේ අගෝස්තු මාසයේදීය. 

Rate this item
(0 votes)