May 19, 2024

අද දිස්‌ත්‍රික්‌ක 14 ක සුනාමි පෙරහුරුවක්‌ 

නායයැම්, ගංවතුර හා සුනාමි පෙරහුරු වැඩසටහනක්‌ අද (10) දිනය පුරා ක්‍රියාත්මක කෙරෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසයි.

අද පෙරවරුවේ ගංවතුර හා නායයැමේ තර්ජනයට ලක්‌වන දිස්‌ත්‍රික්‌ක හතරක මෙම පෙරහුරු වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇත.

අනතුරුව පස්‌වරුවේ 3.00ට දිස්‌ත්‍රික්‌ක 14 ක සුනාමි පෙරහුරු වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

කොළඹ, ලුනාව, කලුතර, ටැංජරින්. ත්‍රිකුණාමලය, නිලාවැලි, අම්පාර, සින්නමරුතු, ගාල්ල, තෙල්වත්ත, යාපනය, පේදුරුතුඩුව, පුත්තලම, මහවැව, හම්බන්තොට, ඔරුවැල්ල, මාතර, දෙවිනුවර, ගම්පහ, දොන්බොස්‌කෝ, මුලතිව්, පුදුමාතලන් යන ප්‍රදේශවල ඉදිකර තිබෙන සුනාමි අනතුරු ඇඟවීමේ කුලුනු පද්ධති මෙවර ක්‍රියාත්මක වේ.

සුනාමි අනතුරු ඇගයීමේ පද්ධති වෙත මෙදින ක්‍රියාත්මක වෙන බැවින්, ඊට බිය නොවී එම කටයුතු කරගෙන යාමට සහයෝගය ලබාදෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Rate this item
(0 votes)