May 19, 2024

හිටපු ජනපතිනී චන්ද්‍රිකා ‘ශ්‍රීලංනිප’ සැලසුම් කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංශෝධනය කර නව සැලසුම් යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රීලනිපයේ ප්‍රතිපත්ති සහ සැලසුම් කමිටුවේ සභාපතිනිය ලෙස පත් කර ඇත.

හොරණ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා එහි ලේකම් ධුරයටත් පත් වී තිබේ.

පසුගිය සමයේදී ශ්‍රීලනිපය පක්ෂයක් ලෙස නොව පුද්ගලික අවශ්‍යතා මත පක්ෂයේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම හේතු කොටගෙන පක්ෂය බරපතල අර්බුදයකට ලක් වූ නිසාවෙන් එය සම්පුර්ණයෙන් නතර කර නව පරිපාලනය යටතේ පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණින් මෙම පියවරයන් ගෙන තිබේ.

ඉදිරි මැතිවරණවලදී ශ්‍රීලනිප අනෙකුත් පක්ෂ සමඟ කටයුතු කරන ආකාරය මෙන්ම පක්ෂයෙන් ඉවත් වූ සුළු ජාතිකයන් පක්ෂයට ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් විශේෂ ක්‍රියාමාර්ග රැසක් සැලසුම් කර ක්‍රියාත්මක කිරීමටද මෙම කමිටුවට පැවරෙන වගකීම් අතර වන බවත් සඳහන්.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 09 March 2015 20:45