May 19, 2024

ජනපති මෛත්‍රීට දැඩි ආරක්ෂාවක් දෙයි

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඔහුගේ දූත පිරිසේ ආරක්ෂාව වෙනුවෙන් ලන්ඩන් පොලිසියට අමතරව සාමාන්‍ය ඇඳුමින් සැරසුණු පොලිස් භටයෝද අශ්වාරෝහක පොලිසියද යොදවා ඇති බව එරටින් ලැබෙන වාර්තා පෙන්වා දෙයි.

ජනපති නතරවී සිටින හෝටලය, පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය, මාල්බරෝ මාළිගය, ඩවුනින් වීදිය හා බ්ලැන්කැෂ්ටර් හෝටලය අසල මෙසේ ආරක්ෂාව තර කර ඇති බවත් සඳහන්.

බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් මයිකල් ෆැලන් ලන්ඩන් නුවර පාක්ලේන් හිල්ටන් හෝටලයට ගොස් ජනපති හමුවී තිබේ. විදේශ ඇමැති මංගල සමරවීර පුනරුත්ථාපන ඇමැති ජී.එම්.ස්වාමිනාදන් හා වැඩබලන මහ කොමසාරිස් චානක තල්පහේවා මහත්වරුද ඊට එක් වී ඇත.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (10) බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ලන්ඩන් නුවර ඩවුනින් වීදියේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවසේදී මෙම හමුව පැවැත්වෙන බව විදෙස් අමාත්‍යංශය සඳහන් කරයි.

 

Rate this item
(0 votes)